රනිල් තවත් ආයතන දෙකක් පවරාගනී

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමි තවත් ආයතන දෙකක් පවසාගෙන ඇතිබව වාර්තා වේ .

එම නිවේදනයට අනුව සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් සහ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය මුදල්, ආර්ථික ස්ථායීකරන සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශ ශීර්ෂය යටතට ගෙන ඇත .

මීට පෙර සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශ ශිර්ෂය යටතේ පැවති අතර ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය මීට පෙර පැවතියේ නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය යටතේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *