හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ එම ධූරය හොබවනු ලැබූ සමයේදී එක්සත් රාජධානියේ පෞද්ගලික සංචාරයක යෙදෙමින් රුපියල් කෝටි එක හමාරකට අධික පාඩුවක් රජයට සිදුකළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරා ඇති නඩුව ඊයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබීය .
එහිදි අධිකරණය හමුවේ කරුණු දක්වනු ලැබූ නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්, හිටපු ජනාධිපතිවරයාට එරෙහිව සිදුකරනු ලබන විමර්ශන කටයුතු අවසාන අදියරේ පසුවන බැවින් ඉහළ අධිකරණයක නඩු පැවරීමට කටයුතු කරන බව සඳහන් කළේය .
මෙම නඩුවේ විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය පුද්ගලයකු බව කියන හිටපු ජනාධිපතිගේ ලේකම්වරයා වන සමන් ඒකනායකගේ විදේශ ගමන් තහනම ලිහිල් කරන ලෙස ඔහුගේ නීතිඥවරුන් ඉල්ලීමක් කර තිබිණි.
එම ඉල්ලීම සම්බන්ධයෙන් ඊයේ (19) අධිකරණයේදී කරුණු දැක්වීම සිදු වූ අතර, එහිදී එම ලේකම්වරයා වෙනුවෙන් අධිකරණයෙන් ඉල්ලා තිබූ විදේශ ගමන් තහනම ලිහිල් කිරීම සම්බන්ධයෙන් ඉල්ලීම ඉල්ලා අස්කරගන්නා බව ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස අධිකරණයට දැන්වීය.
ඒ අනුව මහෙස්ත්‍රාත්වරයා විසින් විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට කරන ලද ඉල්ලීම නිෂ්ප්‍රභ කරනු ලැබීය.