නොවැම්බර් 21 වනදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී රැලිය, රජය ජනතාවට දුන් පොරොන්දු මතක් කිරීම අරමුණු කරගත් එකක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය. ඔහු මේ බව පැවසුවේ ඊයේ මල් පාරේ පිහිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පක්ෂ කාර්යාලයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසූවේ, විපක්ෂයේ විවිධ පක්ෂ රැසක් දැනටමත් 21 දා රැළිය ගැන සාකච්චා සඳහා එක්වෙමින් සිටිනා බවය .
අතීතයේදී සාකච්ඡා පැවතියේ පොදුජන පෙරමුණ තුළ පමණක් බවත්, මේ වනවිට එම තත්ත්වය වෙනස් වී විපක්ෂයේ සියලු පක්ෂ සමග සාකච්ඡා කරන බවත් ඔහු සඳහන් කළේය
“රජයේ ප්‍රතිපත්ති නිසා බලපෑමට ලක්වූ බොහෝ දෙනාත් මෙම රැලියට එක්වනු ඇති බවත්, ඒ අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය සහ තවත් පක්ෂ රැසක් රැලියට එක්වීමට එකඟ වී ඇති බවත් ඔහු පැවසීය .