හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා නගා ඇති පැමිණිල්ල කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙට (29) යළි කැඳවීමට නියමිතයි.
එක්සත් රාජධානියේ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ පැවැති උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා රජයේ මුදල් යොදවා පෞද්ගලික සංචාරයක යෙදුනේ යයි ඔහුට එරෙහිව චෝදනා නැගී ඇත . එහිදී දින එකහමාරක කාලයක් සඳහා රුපියල් මිලියන 16.9ක් පමණ අධික මුදලක් වැය කරමින් රජයට පාඩු කළ බවට හිටපු ජනාධිපතිවරයාට එරෙහිව චෝදනා එල්ල වී ඇත .
මෙම සිද්ධියට අදාළව, 2025 අගෝස්තු 22 වනදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ජනාධිපතිවරයාව අත්අඩංගුවට ගනු ලැබීය . අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර ඉදිරියට පමුනවනු ලැබූ හිටපු ජනාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර ඊට අදාළ නඩුව අගෝස්තු 26 වනදා නැවත කැඳවනු ලැබීය . එහිදී හිටපු ජනධිපතිවරයා ඇප මත මුදාහරිනා ලදි .