රත්තරන් වෙනස් වෙයි

පසුගිය සතියේ දී සීඝ්‍රයෙන් පහළ ගිය රත්‍රං මිල නැවත වරක් ඉහළ ගොස් ඇත.

අද (13) පෙරවරුවේ කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 160,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

පසුගිය බ්‍රහස්පතින්දා රු. 145,000 ක් දක්වා පහළ ගොස් තිබුණු කැරට් 24 රන් පවුමක මිල අද වන විට රු. 173,000 ක් දක්වා වැඩි වී ඇති බව කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *