ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් රටවල් 75 ක පුරවැසියන් සඳහා වීසා නිකුත් කිරීම දින නියමයක් නොමැතිව අත්හිටුවා ඇත. විදෙස් මාධ්‍ය පවසන්නේ මෙම තීරණය ජනවාරි 21 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත බවයි.
බ්රසිලය, ඉරානය, රුසියාව, සෝමාලියාව, ඇෆ්ගනිස්ථානය, ඊජිප්තුව, තායිලන්තය, යේමනය ඇතුළු රටවල් 75ක පුරවැසියන් සඳහා මෙම තහනම පැනවීමට තීරණය කර ඇති අතර සම්පූර්ණ රටවල් පිළිබඳ තොරතුරු මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති බව එම මාධ්‍ය පවසයි .
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් වීසා නිකුත් කිරීමේදී සිදුකරන පරීක්ෂණ සහ තහවුරු කිරීමේ ක්‍රියා පටිපාටි නැවත සමාලෝචනය කරන තෙක් මෙම අත්හිටුවීම ක්‍රියාත්මක වනු ඇති බව වාර්තා වෙයි .