හෙට (16) දිනයේ අධිකරණ කටයුතුවලින් බැහැරවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය පවසයි. අද (15) පැවැති මහසභා රැස්වීමේදී මෙම තීරණය ගත් බව ඔහු පවසයි .
අද පැවති මහා සභාවට නීතිඥයින් 3500 ක් පමණ සහභාගී වී ඇති අතර, ටහ්වත් විශාල පිරිසක් සූම් තාක්ෂණය ඔස්සේ එම රැස්වීමට එක්ව ඇත .
එහිදී අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකුට හා ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීම ගැන අද රැස්වීමේදී සාකච්චා කර ඇති අතර එහිදී සුවිශේෂ තීරණ සුවිශේෂ තීරණ රැසක් ගෙන ඇත .
ඒ අනුව වර්තමානයේ අපේ රටේ පවතින ඝාතන සංස්කෘතිය අවසන් කිරීමටත් මහජන ආරක්ෂාව තහවුරු කිරීමටත් රජයට බල කර සිටීමට යෝජනා කිරීමට තීරණය කර ඇත.
මෙම අපරාධය සම්බන්ධයෙන් වගකිව යුතු සියලුදෙනා වහාම අත්අඩංගුවට ගෙන නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලීසිය සහ මහජන ආරක්ෂාව සම්බන්ධ ආයතනවලින් ඉල්ලා සිටින බව ද ඔහු ප්‍රකාශ කළේය.
තහවුරු නොකරන ලද තොරතුරු සමාජගතකිරීම හෝ සත්‍ය බවට හුවා දැක්වීම සම්බන්ධයෙන් පොලීසියට හා අදාළ පාර්ශ්වයන්ගෙන් දැඩි අප්‍රසාදය පළ කර බව සභාපතිවරයා වැඩිදුරටත් කියාසිටියේ.