පරිඝණක යෙදවුම් මත ක්‍රියාත්මක ත්‍රී රෝද රථ සහ සාමාන්‍ය ත්‍රී රෝද රථ රියදුරන් අතර පැනනැගී ඇති අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින්, සමස්ත ත්‍රී රෝද රථ ක්ෂේත්රයම විධිමත් නියාමනයකට ලක් කිරීමට රජය අවධානය යොමු කර ඇත.
එහිදී ගාස්තු අය කිරීමේදී පවතින අවිධිමත්භාවය ඉවත් කර, මගියාට සහ රියදුරාට සාධාරණ වන නිශ්චිත ගාස්තු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ප්‍රමුඛතාව හිමිවේ.
ලෝකයේ බොහෝ රටවල කුලී රථ සේවාවන් රජයේ හෝ ප්‍රාදේශීය බලධාරීන්ගේ දැඩි අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ. එවැනි රටවල කුලී රථ සඳහා “මීටර් ගාස්තු” හෝ ජංගම යෙදුම් ඔස්සේ කළින් තීරණය කළ “ස්ථාවර ගාස්තු” ක්‍රම ක්‍රියාත්මක වෙයි . එම නිසා මගියා ගමන ආරම්භ කිරීමට පෙර ගාස්තුව පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගන්නා අතර, එමඟින් රියදුරා සහ මගියා අතර ඇති වන ගැටුම් අවම වී තිබේ.
ශ්‍රී ලංකාව තුළ ද එවැනි විනිවිදභාවයකින් යුතු සේවාවක් ක්‍රියාත්ම්ක කිරීමටත් ගාස්තු සම මට්ටමකට ගෙන ඒමටත් නියමිතය .