”රජරට රැජිණ” ගිනිගනී . ගමන දෙපැයක් පමාවෙයි .

අනුරාධපුරයේ සිට බෙලිඅත්ත දක්වා අද අළුයම 5 ට පිටත්වූ ”රජරට රැජිණ” දුම්රිය අනුරාධපුර නව නගරය දුම්රිය පොළේදී ගිනිගැනීමකට ලක්වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි . ගින්න ඇති වූයේ දුම්රියේ එන්ජිමෙන් බවත්, ඊට හේතුව තවමත් විමර්ශනය කරමින් පවතින බවත් එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි .

නැවත දුම්රිය ස්ථානයට ගෙන ගිය දුම්රියට වෙනත් එන්ජිමක් සවි කරන ලදුව දෙපැයක පමණ පමවෙන් පෙරවරු 7.30 ට බෙලිඅත්ත බලාපිටත්වූ බව වාර්තා වේ.