මුදල් විශුද්ධීකරණය වැලැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටි යෝෂිත රාජපක්ෂගේ මිත්තනිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.
විත්තිකාරියට නඩු විභාගයකට මුහුණ දීමට තරම් සුදුසු මානසික තත්ත්වයක් පවතින්නේද යන්න පිළිබඳව කරුණු විමසීම සඳහා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා මාර්ගයෙන් කැඳවා තිබූ විශේෂ මානසික වෛද්‍ය වාර්තාවක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම තීරණය ගෙන ඇත.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා, ඩේසි ෆොරස්ට් නැමැත්තියට එරෙහිව ගොනුකර තිබූ අධිචෝදනාවලින් ඇය නිදහස් කිරීමට නියෝග කරන ලදී.