යුද්ධය වහාම නවත්වන්න. යළිත් පාප් වහන්සේගෙන් ඉල්ලීමක්

ඊශ්‍රායල හමුදා සහ ගාසා තීරයේ හමාස් සටන්කාමීන් අතර හටගත් යුද ගැටුම වහා නවත්වන්නැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා යළිත් වරක් දෙපාර්ශ්වයෙන්ම ඉල්ලීමක් කර තිබේ.

යුද්ධයෙන් සිදුවන්නේ ජීවිත හානි සහ විනාශය පමණක් බවත්, එයින් ලබන ජයග්‍රහණයක වටිනාකමක් නැති බවත්, ශාන්ත පීටර් චතුරස්‍රයේ දේව මෙහෙයට සහභාගී වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය.

පසුගිය 7 වැනිදා හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට පහර දීමෙන් පසු ඇතිවූ මෙම යුද්ධය හේතුවෙන් මේ වනවිට දෙපාර්ශ්වය අතර ගැටුම්වලින් 1,400 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *