හැරී පොටර් මන්දිරයට එල්ලවූ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව ඉහළට (VIDEO)

යුක්‍රේනයේ පිහිටි ‘හැරී පොටර් මන්දිරය’ ලෙස ප්‍රකට ඔඩෙසා හි පිහිටි මන්දිරයකට එල්ල වූ රුසියානු ප්‍රහාරයකින් ඊට දැඩි හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ප්‍රහාරයෙන් පුදගලයින් 32දෙනෙකු තුවාල ලබා තවත් පුද්ගලයන් 5දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තුවාල ලැබූ පිරිස අතර 4 හැවිරිදි පිරිමි ළමයෙකු සහ ගර්භනී කාන්තාවක සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ යුක්‍රේනයේ හිටපු නීති සම්පාදකයෙකුට හිමි මෙම නිවස පසුකාලීනව ඔඩෙසාහි නීති විද්‍යාලය ලෙස භාවිත කර ඇති බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!