2026 වසරේ යල කන්නය සඳහා පොහොර ලබා දීම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට යටතේ පවතින ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් පමණක් සිදු කිරීමට රජය තීරණය කර ඇතැයි ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග පවසයි .
පවතින අර්බුධකාරී තත්ත්වය තුළ ඉදිරියේදී පොහොර මිල ඉහළ යන බවට උපකල්පනය කරමින් ඇතැම් පිරිස් පොහොර රැස් කිරීමට උත්සහ කිරීම මත රජය මෙම තීරණය ගෙන ඇති බව ඔහු පැවසීය .
ගොවිජන දෙපාර්තමේන්තුව සතුව සියල්‍රම ගොවීන්ගේ තොරතුරු හා වගා කරන භූමි ප්‍රමාණය පවතින බවත් ඒ අනුව ඉඩම් ප්‍රමාණයට සරිලන ලෙස පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථානය මගින් ලබා ගත හැකි බව ඔහු සඳහන් කළේය