“මෝඩාභිමානය” කළ නතාෂා සහ බෲනෝ නිදහස්

ආගමික සහජීවනයට බාධා කිරීම, බෞද්ධ ආගමට අපහාස කිරීම සහ වෛරය වැපිරීම සඳහා ප්‍රකාශ සිදු කළ බවට චෝදනා ලැබ සිටි නතාෂා එදිරිසූරිය සහ SL-Vlog හි හිමිකරු වන බෲනෝ දිවාකරට එරෙහිව ගොනු කර තිබූ නඩුවෙන් ඔවුන්ව නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කර තිබෙනවා.

මෙම නඩුව ඉදිරියට පවත්වා ගෙන යාමට අවශ්‍ය සාක්ෂි නොමැති බවට නීතිපතිවරයා අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුවයි ඔවුන්ව නිදහස් කිරීමට අධිකරණය නියෝග කර ඇත්තේ.

“මෝඩාභිමානය” නමින් වැඩසටහනක් සංවිධානය කර එම වැඩසටහන අතරතුරදී බෞද්ධ ආගමට අපහාසයක් සිදුවන අයුරින් ප්‍රකාශයන් සිදු කිරීම සම්බන්ධයෙන් වන නතාෂා එදිරිසූරිය සහ ඇයට ආධාර අනුබල දීමේ චෝදනා පිට බෲනෝ දිවාකරට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණා.