මොනර පැටික්කිට කතරගම පෙරහර තහනම්ලු

පසුගියදා නිමාවට පත් වූ ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාල පෙරහර ආගමික භේදයකින් තොරව දෙස් විදෙස් කාගේත් ආකර්ෂණය දිනාගත් සංස්කෘතිකාංගයකි.
කතරගම පෙරහරේ වඩාත්ම ආකර්ෂණීය අංගය වන්නේ කතරගම දෙවියන්ගේ වාහනය නිරුපණය කරන මොනර නැටුමයි.

පසුගිය වසරේ මෙම මොනර මොණර නැටුම ඉදිරිපත් කළ සසඳි නැමැති පුංචි දැරියක් ‘මොනර පැටික්කි’ නමින් අප කා අතරත් ප්‍රසිද්ධ වූ බව මතකය. ඇය පෙරහරේ නර්ථනයේ යෙදෙන අවස්ථාවක් අහඹු ලෙස කැමරා කාචයක සටහන් වී එය සමාජ මාධ්‍ය මෙන්ම රට පුරා බොහෝ ප්‍රසිද්ධ විය. ශ්‍රවණාබාධිත දැරියක් වුණු සසඳිට රටේම ආදරේ හිමිවූයේ එසේය.

කෙසේ නමුත් ඉතා අවාසනාවන්ත ලෙස මෙවර කතරගම පෙරහරේ මොනර නැටුම ඉදිරිපත් කිරීම සඳහා මෙම දැරියට අවස්ථාව හිමි වී නොමැති බව වාර්තා වේ.

ඒ පිළිබඳව අදහස් දැක්වූ දැරියගේ මව සඳහන් කළේ, “මෙදා සැරේ පෙරහරට යන්න අපිටත් ලියුම් ආවා. ඒත් පෙරහරට කලින් රැස්වීමක් තියෙනවා. අපේ දර්ශනී රංගන කලායතනය වෙනුවෙන් මමයි දුවයි ඒකට ගියා. ගියාම කිව්වා දන්වලා එවන්නම් කියලා. ඒත් දන්වලා එව්වේ නෑ. ඉතින් දුවට මෙදා සැරේ කතරගම පෙරහරට යන්න වෙන්නේ නෑ.පොඩි එකී හරිම ආසාවෙන් හිටියේ පෙරහරට යන්න.”

මෙම සිදුවීම සම්බන්ධයෙන් සහ සසඳි ගේ පියා දැක්වූ අදහස් මෙසේය,

“දුව ගිය පාර කතරගම පෙරහරේ නටලා ගොඩාක් ප්‍රසිද්ධ වුණා. මං හිතන්නේ කොච්චර මොනර නැටුම් තිබුණත් දුවම ප්‍රසිද්ධ වුණේ කතරගම දෙවියන්ගේ අනුහසකට වෙන්න ඇති. ඒත් දුව ප්‍රසිද්ධ වෙනකොට සමහරක් අයට ඒක බලාගෙන ඉන්න බැරිවුණා. ඒ අයට දුව ගැන ඉරිසියාවක් හිතෙන්න ඇති. සමහර කලායතනවලින් පවා එක එක ප්‍රශ්න ආවා. සසඳි කියන්නේ පුංචි දරුවෙක්නේ කියලාවත් සමහරු හිතුවේ නෑ.”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *