මොණරාගලින් වතුර ගෙනත් උඩවලව පුරවන්නට අමරවීර සැරසේ .

පවතින දැඩි නියඟයේ බලපෑමෙන් උඩවළවේ ජලාශයේ ජල මට්ටම සියයට 02ක් දක්වා අඩු වී තිබේ. මේ හේතුවෙන් උඩවළවේ ජලාශය යටතේ යල කන්නයේ අස්වද්දන ලද කුඹුරුවලින් අක්කර 65,000ක් හානි වීමේ අවධානමට ලක්ව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයි.

සමණළවැව ජලාශයෙන් ඝණ මීටර් මිලියණ 27 ක ජල ප්‍රමාණයක් උඩවලවර ලබාගැනිමට අපේක්ෂා කළමුත් එමගින් විදුලිය ජනනය කිරිමේ ගැටළු මතුවිය හැකිබැවින් එය අසාර්ථක විය.

මෙම ජල හිඟය නිසා විනාශ වෙමින් පවතින කුඹුරු රැකගනුවස් මොණරාඅගල දිස්ත්‍රික්කයේ වැව් 11ක ඇති ජලයෙන් කොටසක් වේලි ඔය අමුණ ඔස්සේ උඩවළවේ ජලාශයට ලබා ගැනීම මේ වනවිට ආරම්භ කර ඇතිබව වාර්තා වේ. මෙම ජල ප්‍රමාණය ලබාගැනීමට සඳහා විෂයබාර අමාත්‍ය මහින්ද අමරවීර සහ අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ දැඩි උත්සහයක් ගත් අතර මොණරාගල දිස්ත්‍රික්කයේ ගොවිජනතාවද ඊට එකඟතාවය පලකර ඇත.

උඩවළවේ ජලාශය යටතේ වගා කර ඇති කුඹුරුවලට ජලය නොලැබුනහොත් වී වගාවෙන් රුපියල් බිලියන 17ක සහ විදුලි උත්පාදනයෙන් රුපියල් බිලියන 1.6ක පාඩුවකුත් සිදුවෙතැයි මේ වනවිට ගණන් බලා තිබේ. කෙසෙල් ඇතුළු අනෙකුත් ‌භෝග හානිය නිසාත් සිදුවිය හැකි සමස්ත මුල්‍යමය අලාභය රුපියල් මිලියන 30,000ක් ඉක්මවනු ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *