වත්මන් පාලනය කෙරෙහි තමාට 100% ක්ම විශ්වාස බව ප්‍රවීණ රංගන ශිල්පියෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වන රන්ජන් රාමනායක පවසයි. මාධ්‍යවේදීන් සමඟ අදහස් දක්වමින් ඔහු පැවසූවේ යකෙක් හෝ පැමිණ මේ රට ගොඩනඟන්නේ නම් තමා ඊට සහයෝගය දෙන බවයි.
පෙර පැවති රජයන් හා සැසඳීමේදී වත්මන් පාලනය පෙරළා දැමීමට තරම් වරදක් කර නොමැති බවත්, මේ වන විට දූෂණය අවම මට්ටමක පවතින අතර, සොරකම් කළ පුද්ගලයන් නීතිය හමුවට ගෙන යමින් සිටිනී බවත් ඔහු පෙන්වා දුන්නේය .
අපරාධවලට සම්බන්ධ වත්කම් රාජ්‍ය සන්තක කිරීමේ පනත ක්‍රියාත්මක වීම හේතුවෙන් සොරකම් කළ පුද්ගලයන් අත්අඩංගුවට පත්වන බවත්, එමගින් භාණ්ඩාගාරයට විශාල මුදලක් ලැබී ඇති බවත් ඔහු සඳහන් කරයි. යහපාලන සමයේදී පවා මහ බැංකු සිද්ධියක් වූ බව සිහිපත් කරන ඒ මහතා, වත්මන් ආණ්ඩුවේ යම් සුළු වැරදි තිබුණද ඒවා සාපරාධී මට්ටමේ දේවල් නොවන බව අවධාරණය කරයි.