මේ ආණ්ඩුව බදු ගහන්නේ නෑ

ආණ්ඩුව බදු ගසන්නේ යැයි චෝදනා එල්ල කළද ආණ්ඩුව සිදුකරමින් තිබෙන්නේ බදු ගසනවා නොව බදු කළමනාකරණය කිරීම බව කෘෂිකර්ම නියෝජ් ඇමති නාමල් කරුණාරත්න සඳහන් කරයි. ඔහු මෙ බව පැවසූවේ පාර්ලිමේන්තුවේදී අද අයවැය විවාදයට එක්වෙමිනි .

“ආණ්ඩුව බදු ගහ­නවා කියලා චෝදනා කර­නවා. අපි බදු ගහන්නේ නෑ . අපි කරන්නේ බදු කළ­ම­නා­ක­ර­ණය කිරී­ම විතරයි . බදු නොගෙවූ අය­ගෙන් බදු අය කර ගැනීම් දැන් කර­නවා. මෙරට සියලු ජන­තා­වට බලා­පො­රොත්තු තැබිය හැකි අය­වැ­යක් ඉදි­රි­පත් කළා. ඔහු පැවසීය.