සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් ජාතික ජන බලවේගය වෙත යෝජිත විවාද සඳහා දින නියම කරමින් ලිපියක් යවා තිබෙනවා.
එහි දැක්වෙන්නේ පළමුව ආර්ථික කමිටු අතර විවාදය තැබිය යුතු බවයි
මැයි මස 27, 28, 29, 30,සහ 31 යන දිනයන් යෝජනා කර ඇති අතර ඉන් පහසු දිනයක් තෝරා ගන්නා ලෙස ජාතික ජන බලවේගයට දැනුම් දී තිබෙන අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර මහතා අතර විවාදය සඳහා ජුනි මස 3, 4, 5, 6, හෝ 7 අතර දිනයක් තෝරා ගැනීමට යෝජනා කර තිබෙනවා.