මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
රටේ ව්‍යාපාර කිරීමේ පහසුව, ව්‍යාපාර ශ්‍රේණිගත කිරීම සහ විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ හැකියාව කෙරෙහි මෙය කාඑඅනාව එක එල්ලේ බලපානා බව ඔහු වැඩි දුරටත් පැවසීය.
පළමු පියවර ලෙස මුදල් විශුද්ධිකරණයට සහ ත්රස්තවාදයට මුදල් සැපයීමට එරෙහිව පවතින නීතියේ ඇති හිඩැස් කඩිනමින් හඳුනා ගැනීම වැදගත් බවත්, එය කළ නොහැකි වුවහොත් ශ්‍රී ලංකාව නැවත වාරයක් උපායමාර්ගික ඌනතා සහිත රටක් ලෙස ලැයිස්තුගතවීමේ අවධානමක් ඇති බවද ජනධිපතිවරයා අවධාරණය කළේය.
නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ ඊයේ පැවති ජාතික නීතිඥ සමුළුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේය. එක්වෙමින්.