වයස අවුරුදු 10 සහ 13 යන වයස්වල පසුවන සිය මුණුපුරන් දෙදෙනා ඝාතනය කිරීමෙන් පසු වයස අවුරුදු 72ක පුද්ගලයෙකු ද වෙඩි තබා ගැනීමෙන් සිය දිවි නසා ගත් පුවතක් ස්පාඤ්ඤයේ නගරයකින් වාර්තා වුණා.
පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත්තේ ඒ අතරින් එක් දරුවෙකුට වෙඩි වැදී මියගොස් ඇති බවත් අනෙක් දරුවා හුස්ම හිරවී මියගොස් ඇති බවයි.
මෙම ඛේදවාචකය සිදු වීමට මාස දෙකකට පෙර අදාළ ඝාතකයාගේ බිරිඳ සහ දියණිය ද රිය අනතුරකින් මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඔවුන් තිදෙනාගේ මළ සිරුරු අද (20) උදෑසන 8.30 ට පමණ ඔවුන්ගේ නිවසේ කාමර කිහිපයක තිබී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.