මුජීබර් රහුමන් අදම දිවුරයිද ?

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසි වීමෙන් පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත්කෙරුණු කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජීබර් රහුමන් මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පෙරවරුවේ දිවුරුම් දීමට නියමිතයි.

රහුමන් මහතා එම මන්ත්‍රී ධුරයට පත් කෙරෙන ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

රහුමන් මහතා පාර්ලිමේන්තුවට මුලින්ම පත් වූයේ 2017 වර්ෂයේදීය.