මීගමුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක නම වැනි මහලෙන් ඇදවැටුන 26 හැවිරිදි ස්වීඩන් ජාතික තරුණ කාන්තාව එම ස්ථානයේදීම මියගොස් ඇති බව වාර්තා වේ.
වැඩිදුර පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ කාන්තාව විවාහක බවත් ඇගේ සැමියා ව්‍යාපාරිකයකු බවත්ය. සිද්ධිය වන අවස්ථාවේ ඇගේ සැමියා ව්‍යාපාරික කටයුතු සඳහා කුරුණෑගල ප්‍රදේශයට ගොස් සිට ඇති බව වාර්තා වේ.
කාන්තාව වැටීමට පෙර පැයකට ආසන්න කාලයක් දුරකථන සංවාදයක යෙදී සිට ඇති බව පොලිසිය පැවසීය. මියගිය කාන්තාවගේ යැයි සැළකෙන ජංගම දුරකථනයක් වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් භාරයට ගෙන තිබේ.
මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.