මිහින්තලය පූජා භූමියේ රාජකාරි සඳහා යොදවා ඇති පොලිස් නිලධාරීන් කිසිවෙකු ඉන් ඉවත්කර ගැනීමට තීරණයක් ගෙන නොමැති බව පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසයි .
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ අඛණ්ඩව තවදුරටත් පොලීසිය මිහින්තලය පුදබිමේ ආරක්ෂක කටයුතු රාජකාරීවල නිරතවන බවයි.
මේ අතර මිහින්තලේ රජමහ විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වීසින් එහි රාජකාරි සඳහා යොදවා සිටි නාවික හමුදා, යුධ හමුදා සහ සිවිල් ආරක්ෂක සෙබළුන් 250 කට අධික සංඛ්‍යාවක් ඉන් ඉවත් කරගන්නා ලදි.