මැරතන් තරගයක් සඳහා චීන ක්‍රීඩක ක්‍රිඩිකාවන් 3000 ක් ශ්‍රී ලංකාවට.

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන ප්‍රථම චීන මැරතන් තරගය එළබෙන මැයි මස 1 වෙනිදා සිට 3 වනදා දක්ව ශ්‍රී ලංකාවෙ පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ සභාපති ශිරන්ත පීරිස් ප්‍රකාශ කළේය.

මෙම තරගාවලිය ‘Ni Hao Zhong Guo’ වැඩසටහන යටතේ පැවැත්වෙන අතර ඒ සඳහා චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2000-3000 කට අධික සංඛ්‍යාවක් පැමිණීමට නියමිත බව වාර්තා වේ. එමෙන්ම මෙම මැරතන් තරගවලිය වාර්ෂික ඉසව්වක් කිරීමට උත්සහ ගන්නා බවද ඔහු පැවසීය.

තරගයෙන් අනතුරුව උන්වටුන වෙරළ තීරයේ මුහුදු ආහාර සැණකෙළියක් ද පැවැත්වීමට නියමිතය . Ni Hao Zhong Guo වැඩසටහනට අනුව, ඉදිරි වසර දෙක තුළ ශ්‍රී ලංකාව සංචාරකයින් මිලියනයක් ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කෙරේ. එමගින් ශ්‍රී ලංකාව රුපියල් බිලියන 225 ක ආදායමක් උපයා ගැනිමට අපේක්ෂා කරයි .