මැදපෙරදිග විශාලතම එක්සත් ජනපද හමුදා කඳවුර ලෙස ගැනෙන කටාර් හී පිහිටි අල් උඩෙයිඩ් ගුවන් කඳවුරට ඉරානය බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කර තිබේ.
කටාර් ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කළේ මිසයිල දෙකක් ඉරානයෙන් දියත් කළ බවත්, ඉන් එකක් ගුවන් ආරක්ෂක පද්ධතිය විසින් විනාශ කළ මුත් දෙවැන්න කඳවුරට පතිත වු බවත් ය . කෙසේ වෙතත් එම ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බව කඳවුරේ නිළධාරීන් පවසයි.
අන්තර් ජාල චායාරුප මගින් තහවුරු වන්නේ ප්‍රාහාරයෙන් කඳවුරේ මිසයිල හඳුනාගැනීමේ සහ සන්නිවේදන පද්ධතින්ට කානි සිදුව ඇති බවයි . එම ප්‍රහාරයෙන් කඳවුරේ උපකරන වලට ඩොලර් බිලියනයකට අධික හානියක් සිදුව් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි .
අල් උඩෙයිඩ් කළාපය පුරා ඇමරිකානු මෙහෙයුම් සඳහා ප්‍රධාන අණදෙන මධ්‍යස්ථානය ලෙස සැලකේ .