මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය දිගුකාලීනව පැවතුණහොත් ශ්රී ලංකාවට බරපතල ගැටළුවලට මුහුණ දෙනු ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී එස්. එම්. මරික්කාර් පවසයි.
එබවින් රජය නිවැරදි අවබෝධයකින් මෙම තත්ත්වය කළමණාකරණය කරගත යුතු බවත්, එසේ කිරීමට අපොහොසත් වුවහොත් මෙරට ආර්ථිකය දැඩි පීඩනයකට ලක්විය හැකිබවත් ඔහුස් සඳහන් කළේය .
වර්තමානයේ පවතින ඉන්ධන පෝලිම් සහ ජනතාව කලබලකාරී ලෙස ඉන්ධන රැස්කිරීම පිළිබඳව අදහස් දක්වමින් මන්ත්රීවරයා මෙසේ පැවසීය.
“දත්තයන්ට අනුව මේ මොහොතේ ඉන්ධන හිඟයක් ඇතිවීමට ඉඩක් නැහැ. නමුත් රජය මේ තත්ත්වය නිසි ලෙස පාලනය නොකළහොත් ඉදිරියේදී ගැටලු මතු විය හැකියි. ඒ නිසා වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.” මන්ත්රීවරයා පැවසීය .