උතුරු පළාතේ මන්නාරම දිස්ත්‍රික්කයේ කට්ලම්පිඩ්ඩි හි විඩත්තල්තිව් හී ධීවරයන්ගේ දැලක පැටළී සිටි මුහුදු ඌරකු නිරුපද්‍රිතව බේරා නැවත සාගරයට යමීමට හැකිවූ බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පවසන්නේ, සත්වයා සොයාගත් ධීවරයින් පිරිස වහාම දැල ඉවත් කර එම සත්වයා නැවත මුහුදට මුදාහැර ඇති බවයි. කිලෝග්‍රෑම් 300-350 අතර බරකින් යුක්ත යැයි පැවසෙන මුහුදු ඌරා මුහුදු වෙරළේ කිලෝමීටර් 4.25 ක් පමණ දුරින් හමුවී තිබේ.
තර්ජනයට ලක් වූ විශේෂ පිළිබඳව වනජීවී නිලධාරීන් විසින් අඛණ්ඩව සිදුකරන ලද මහජන දැනුවත් කිරීමේ උත්සාහයන් හේතුවෙන්, ධීවරයන් එම සත්වයා හඳුනාගෙන ආරක්ෂිතව මුදාහැරීමට පියවර ගෙන ඇත.
මුදාහළ මුහුදු ඌරා කිසිදු තුවාලයකින් තොරව නැවත සාගරයට පිහිනා ගිය බව ධීවර යාත්‍රාවේ හිමිකරු සහ ධීවරයන් පිරිසද තහවුරු කර තිබේ.