මාළිමාවේ රැළ්ල නැගෙන්නේ ස.ජ.බේ වරදින්

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර පවතින අනවබෝධයට පක්ෂ දෙකේම නායකයින් විසින් විසඳුමක් සොයා ගැනීම අත්‍යවශ්‍ය බවත්, ඒ සඳහා දැන් කාලය පැමිණ ඇති බවත් ඉඩම්, සංචාරක, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය කියා වෙනසක් නොමැති බවත්, පක්ෂ දෙකේම සිටින්නේ එකට වැඩකළ අය බවත් ය .

ජාතික ජන බලවේගයේ ජනප්‍රිය භාවය ඉහළ යාමට හේතුව එම පක්ෂයේ දක්ෂ කමකට වඩා ප්‍රධාන විපක්ෂයේ දුබලතාවය බවද ඔහු පැවසීය. සාමාන්‍ය වශයෙන් ප්‍රධාන විපක්ෂය ආණ්ඩු බලය ලබාගැනීමට සූදානමින් සිටිය යුතු වුවත් මේ අවස්ථාවේ සමගි ජන බලවේගය එම තත්ත්වයෙන් බහැරවෙමින් සිටිනා බව ඔහු සඳහන් කළේය.

අර්බුදකාරී අවස්ථාවේදී කිසිවකු බාර ගැනීම ප්‍රතික්ෂේප කළ රට බාර ගෙන බංකොළොත් බවෙන් මුදවා ගැනීම ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සියළ්‍ය් දෙනා ගරු කළ යුතු බවද අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසීය.