මාලිමාවෙන් කෑගල්ලට දැවැන්ත සංවර්ධන වැඩක්. ආශීර්වාද ගන්න පහන් පැලකුත් හදලා

කෑගල්ල නගරාධිපති නිමල් කරුණාරත්නගේ ප්‍රධානත්වයෙන් නගරයේ කානුවලට කොන්ක්‍රීට් සැලැබ් දැමීමේ ව්‍යාපෘතියක් උත්සවාකාරයෙන් ආරම්භ කර තිබේ. මේ කටයුත්ත සඳහා ආශීර්වාද ලබාගැනීම සඳහා ව්‍යාපෘතිය උත්සවාකාරයෙන් ආරම්භ කිරිමට පෙර පහන් පැලක පහනක් දල්වමින් ආශිර්වාද ලබාගෙනද තිබේ.

ඒ ගැන කෑගල්ල ජාතික ජන බලවේගය ෆේස් බුක් පිටුවේ තබා ඇති සටහන පහත දැක්වේ.

පාසල් වෙලාවන්හි දැඩි තදබදයක් සහිත ක්‍රීඩාංගන පාරේ ගමන් කරන පදිකයින්ට ආරක්ෂිතව ගමන් කිරීමට හැකිවන පරිදි ස්ලැබ් කෑලි දමා කානුව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් (21) දින ආරම්භ විය. එම අවස්ථාවට කෑගල්ල මහ නගර සභා නගරාධිපති නිමල් කරුණාරත්න සහෝදරයා, නියෝජ්‍ය නගරාධිපති සනත් පතිරණ සහෝදරයා, නාගරික මන්ත්‍රී ජනිත් ප්‍රනාන්දු සහ ඉන්දික බංඩාර සහෝදරයන්, තාක්ෂණික නිලධාරිතුමා, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් සහභාගි විය.