ශ්‍රී ලංකාවේ 75 වන නාවික සංවත්සර සැමරුම සඳහා පැවත්වෙන ජාත්‍යන්තර නාවික පෙරට්ටුවට (IFR 2025) එක්වීම සඳහා මාලදිවයිනේ ජාතික ආරක්ෂක බලකායේ (MNDF) වෙරළාරක්ෂක නෞකාවක් වන ”හුරාවී” ශ්‍රී ලංකාවට පැමිණ සිටී . එය එම නෞකාවේ පළමු ශ්‍රී ලංකා නිල සංචාරය වන අතර, මෙම නාවික පෙරට්ටුව සඳහා ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, මැලේසියාව, රුසියාව සහ ඉරානය යන රටවල නාවික යාත්‍රා ඇතුළු රටවල් 20 ක නියෝජිතයින් සහභාගී වෙයි .
විදේශයක නාවික පෙරට්ටුවක් සඳහා සහභාගී වීමට මාලදිවයින් වෙරළාරක්ෂක නෞකාවකට ආරාධනා කරන ලද පළමු අවස්ථාව මෙය වෙයි . හුරාවී නෞකාව අළුත් වැඩියාවක් සඳහා ඉන්දියාවට ගොස් තිබූ අවස්ථාවක මෙවැනි පෙරට්ටුවකට සහභාගී වුවද එය නිළ ආරාධනාවක් අනුව සිදුකළ එකක් නොවීය .
හුරවී වෙරළාරක්ෂක නෞකාව (MCGS) ඉන්දියාවේ අලුත්වැඩියා කටයුතු වලින් පසු මාලදිවයින බලා යාත්‍රා කර ඇත. නොවැම්බර් 27 සිට 30 දක්වා, හුරාවී නෞකාවේ සිටි MNDF නිලධාරීන් උත්සවාකාර නාවික පෙරට්ටු, නගර පෙළපාළි, ප්‍රජා සේවා වැඩසටහන්, වෘත්තීය නාවික හුවමාරු සහ විවෘත සංචාර ඇතුළු මහජන සහභාගීත්ව ක්‍රියාකාරකම් කිහිපයකට සහභාගී වී ඇත .
කොළඹදී පැවති නාවික පෙරට්ටුව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය හරිනි නිරේකා අමරසූරිය සහ ජ්‍යේෂ්ඨ ආරක්ෂක නිලධාරීන් සමඟ නිරීක්ෂණය කරන ලදී. ආරක්ෂක හමුදා ප්‍රධානී මේජර් ජෙනරාල් ඉබ්‍රහිම් හිල්මි මාලදිවයින නියෝජනය කළ අතර, ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් ද මෙම අවස්ථාවට සහභාගී විය . ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ හුරාවී වෙත ගොස් එහි අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් අහමඩ් නෆියු සහ කාර්ය මණ්ඩලය හමුවිය.
මෙම චාරිකාවේ මූලික අරමුණ ජාත්‍යන්තර නාවික පෙරට්ටුවට (IFR 2025) සහභාගී වීම වුවද, හුරවි නෞකාවේ කාර්ය මණ්ඩළය ගංවතුර සහ නායයාම්වලින් පීඩාවට පත් ශ්‍රී ලංකා ජනතාවට මානුෂීය සහන ලබාදීමට සූදානමින් සිටී.