මානිගෙ තීරුව NOT OUT 36 හෙට එළිදකී .

ශ්‍රී ලංකාවේ දීර්ඝතම කාලයක් පුවත්පතක පලවූ තීරූ ලිපිය ලෙස සැලකෙන සුන්දර නිහතමානි ද මැල් ගේ “මානි⁣ගෙ තීරුව ” කෘතියක් ලෙස ජනගත වීම හෙට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍ර ශාලාවේදී පැවත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණයේදී සිදු කෙරේ .

1989 වසරේදී “දිවයින ඉරිදා සංග්‍රහයෙන්” ඇරඹුණු මානිගේ තීරුව 1994 දී “ලක්බිම ඉරිදා සංග්‍රහයට”ද 2019 දී “සතිඅග අරුණට”ද මාරු විය. අද වන විට එය අවුරුදු තිස්හයක් පුරා ජාතික පුවත්පත් තුනක පලවී තිබේ .

වසර 2018 සිට 2025 දක්වා ලියවුණු තීරු ලිපි අසූවක් හෙට නිකුත්වෙන “මානිගෙ තීරුව NOT OUT 36 ” කෘතියට අඩංගු වෙයි . ඒදින මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි හා මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මෙහිදී මානිගෙ තීරුව ගැන දේශන පවත්වති. සභාව මෙහෙයවීම සමන් අතාවුදහෙට්ටි වීසිනි .