මාතලේ නාලන්දාවේ Ancient Nutraceuticals “මස්බැද්ද” Gurmar භාවිතයෙන් 96%කගේ රුධිරගත ග්ලූකෝස් මට්ටම පහළ ගොස් ඇති බව අනාවරණය වේ

ප්‍රජා සෞඛ්‍ය ඉහළ නැංවීම කෙරෙහි සිය දායකත්වය සැපයීමේ තවත් එක් පුරෝගාමී මෙහෙවරක් ලෙස මාතලේ නාලන්දාවේ Ancient Nutraceuticals (Pvt) Ltd විසින් සිදුකළ අධ්‍යයන මඟින් සෞඛ්‍ය සම්පන්න  රුධිර ග්ලූකෝස් මට්ටමක් පවත්වා ගැනීම කෙරෙහි මස්බැද්ද (Gurmar) ඉවහල් වන බව අනාවරණය වේ. ස්වභාවික ප්‍රතිකාර විසඳුම් මඟින් ජනතාව සවිබල ගැන්වීම සම්බන්ධයෙන් සමාගම සතු සමාජ වගකීම් දැක්මේ සුවිශේෂී පියවරක් ලෙස මාතලේ දිස්ත්‍රික්කයේ නාලන්දාව ගම්මානයේ සිදු කරන ලද මෙම පර්යේෂණය හැඳින්විය හැකිය.

ගෝලීය වශයෙන් ‘ඉහළ සීනී මට්ටම විනාශ කරන්නා’ ලෙස හඳුන්වන Gymnema sylvestre හි ගුණයද මුසු කරමින් මෙම මස්බැද්ද කැප්සියුල නිෂ්පාදනය කර තිබේ. සියවස් ගණනාවක් පුරා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ ඉහළම ස්ථානයක් දිනාගෙන ඇති මෙම  ශාකය, සෞඛ්‍ය සම්පන්න ලෙස රුධිරයේ ග්ලූකෝස් පරිවෘත්තීය ක්‍රියාවලියට සහාය වීමේ අද්විතීය හැකියාවෙන් යුතුවේ. කැප්සියුල නිෂ්පාදනයට අවශ්‍ය මස්බැද්ද ශාක  Ancient Nutraceuticals විසින් මාතලේ පිහිටි සිය ගොවිපල තුළම වගා කරන අතර එමඟින් නිෂ්පාදනවල ඉහළම ගුණාත්මකභාවය සහතික කරයි. මෙම අධ්‍යයන ඔස්සේ ස්වභාවිකව සහ සදාචාරාත්මකව ලබාගත් ගුණාත්මක අතිරේකයක් ලෙස මස්බැද්ද කෙරෙහි පාරිභෝගික විශ්වාසය තවදුරටත් සවිමත් කරයි.

මෙම අධ්‍යයනය සඳහා පුද්ගලයන් 464 දෙනෙකු සම්බන්ධ කරගත් අතර සති කිහිපයක් පුරා ඔවුන්ගේ රුධිරයේ සීනි මට්ටම ප්‍රවේශමෙන් නිරීක්ෂණය කෙරිණි. මෙහි වඩාත් සවිස්තරාත්මක විශ්ලේෂණය සඳහා  සම්පූර්ණ සහ විශ්වාසනීය මිනුම් සපයන උප කාණ්ඩයක් භාවිත විය. මස්බැද්ද  කැප්සියුල අඛණ්ඩව භාවිතා කිරීමෙන් පසු එම පරීක්ෂණයට සහභාගී වූ කණ්ඩායමෙන් 96.55%කගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව මෙම පර්යේෂණ ප්‍රතිඵල තුළින් අනාවරණය විය.

මෙහිදී රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය අවම වීම සම්බන්ධයෙන් වාර්තා වූ උපරිම අගය 133.25 mg/dL වූ අතර, ග්ලූකෝස් අවම වීම පිළිබඳ සාමාන්‍ය අගය 23.85 mg/dL විය. ස්වභාවික ලෙස රුධිරයේ ග්ලූකෝස් මට්ටම කළමනාකරණය කරන අතිරේකයක් ලෙස මස්බැද්ද කැප්සියුල සතු හැකියාව මෙමඟින් මැනවින්  අවධාරණය වේ.

Ancient Nutraceuticals විසින් සාම්ප්‍රදායික ඖෂධීය දැනුම නවීන විද්‍යාව සමඟ ඒකාබද්ධ කරයි. මෙය විධිමත් සායනික අත්හදා බැලීමක් නොවූවද, දත්ත රැස්කිරීම සහ සංඛ්‍යාත්මක විශ්ලේෂණ ක්‍රමවේද මේ වෙනුවෙන් භාවිත කළ අතර සහභාගී වූවන්ගේ රුධිර ග්ලූකෝස් ප්‍රමාණය සැලකිය යුතු ස්ථාවර මට්ටමකින් පාලනය කිරිමේ හැකියාව එමඟින් තහවුරු කළේය.

රුධිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය කිරීමට අමතරව මස්බැද්ද මඟින් තවත් ප්‍රතිලාභ රාශියක් පිරිනමයි. එනම්, ලිපිඩ පරිවෘත්තීය ක්‍රියාවලියට සහාය වීම, ඉන්සියුලින් ක්‍රියාකාරිත්වය ප්‍රවර්ධනය කිරීම සහ ශරීර ස්කන්ධය කළමනාකරණය ඇතුළු සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් සඳහා සහාය එමඟින් හිමි වේ. මස්බැද්ද හි ස්වාභාවික සංයෝගය කෘත්‍රිම එකතු කිරීම්වලින් තොර වන අතර එහි ආරක්ෂිත මෙන්ම මෘදු ප්‍රවේශය පරිවෘත්තීය සෞඛ්‍යය කෙරෙහි වඩාත් සහය වේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් Ancient Nutraceuticals හි පෝෂණවේදීන් විසින්  මෙසේ කරුණු දක්වන ලදී. “ප්‍රජා සෞඛ්‍ය සවිමත් කිරීම කෙරෙහි පෞරාණික ඖෂධීය දැනුම නූතන විද්‍යාව සමඟ මුසු කිරීම කෙරෙහි අප දක්වන කැපවීම නාලන්දාවේ මෙම ප්‍රතිඵල මඟින් නැවත තහවුරු වෙනවා. අපගේම වගාබිම්වල  මස්බැද්ද ශාක වගා කිරීමෙන් සහ නිෂ්පාදනයේ සෑම අදියරක්ම අධීක්ෂණය කිරීම තුළින් මස්බැද්ද  කැප්සියුලවල ඵලදායීතාව පමණක් නොව එහි විශ්වසනීයත්වය පිළිබඳවද අපිට සහතික විය හැකියි.”සියවස් ගණනාවක් ඉපැරැණි ආයුර්වේද ඖෂධ සහ නූතන ප්‍රායෝගික සාක්ෂිවල මනා සංකලනයෙන් නිපදවූ ප්‍රබල විකල්පයක් පිළිබඳ මෙන්ම ස්වභාවික නිෂ්පාදනයක් මඟින් සෞඛ්‍ය සම්පන්න ග්ලූකෝස් මට්ටමක් පවත්වා ගැනීම කෙරෙහි උනන්දුවක් දක්වන්නෙකුට මස්බැද්ද යනු කදිම විසඳුමකි