මහ වැසි නිසා 11,000 ක් විපතට පත් වෙයි

පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් සිදුවූ ආපදා වලින් මේවන විට පළාත් 05 ක 10,958 කට අධික ජනතාවක් දැඩි බලපෑමකට ලක්ව ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

උතුරු, උතුරු මැද, නැගෙනහිර, සබරගමු සහ වයඹ පළාත් වලට පවතින අයහපත් කාලගුණ තත්ත්වයෙන් බලපෑම් එල්ලවී තිබේ. ඉන් වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ උතුරු පළාතටයි.

මේ වනවිට දිස්ත්‍රික්ක 10 අයත් පවුල් 3196 පුද්ගලයන් 10958 දෙනෙකු පීඩාවට පත්ව සිටියි. අර්ධ හානියට පත් නිවාස ගණන 61 කි. ආරක්ෂිත ස්ථාන 21 පවුල් 673 අයත් පුද්ගලයන් 2207 දෙනෙකු රදවා සිටියි.

පීඩාවට පත්වුවන්ට අවශ්‍ය මූලික පහසුකම් ප්‍රාදේශීය ලේකම්වරු මාර්ගයෙන් ලබාදෙමින් සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.