මහ බැංකු අධිපතිගෙන් IMF මූල්‍ය පහසුකම ගැන ප්‍රකාශයක්

බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු විස්තීර්ණ මූල්‍ය පහසුකම සම්බන්ධයෙන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අදහස් දක්වා තිබේ.

එහිදී ඔහු පවසා ඇත්තේ, මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු මුල්‍ය සහන භාවිත කළ හැකිව තිබුණේ ගෙවුම් ශේෂ අර්බුද සමනය කරගැනීමට වුවත් මෙවර ලැබුණු මූල්‍ය පහසුකමේ විශේෂත්වයක් ඇති බවය.

ඒ අනුව මෙවර ලැබුණු මූල්‍ය පහසුකමේ අරමුදල් රාජ්‍ය මූල්‍ය කටයුතු පවත්වාගෙන යාම සඳහාද භාවිත කිරීමට හැකියාව ලැබී තිබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *