හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පදිංචිව සිටි කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි නිවසේ විදුලි හා ජල බිල්පත් හිඟයක් පැවතීම නිසා එම සබඳතා විසන්ධි කිරීම්මේ සූදානමක් පවතින බව වාර්තා වේ. ඒ අනිව ඉකුත් 7 වනදා ජල සැපයුම විසන්දි කිරීම සඳහා ජල සම්පාදන මණ්ඩලයේ සහ විදුලිබල මණ්ඩළයේ නිළධාරීන් එහි ගොස් ඇත .
එම අවස්ථාවේ එහි සිටි ආරක්ෂක අංශ නිලධාරීන් වගකිවයුතු පාර්ශවයන් දැනුවත් කරන බව පැවසීම නිසා එම නිළධාරීන් නැවත පැමිණ ඇත .
එම නිවසේ රුපියල් ලක්ෂ 6ක හිඟ ජල බිල්පතක් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මාධ්‍යට පවසා ඇත . ඊට අමතරව රුපියල් ලක්ෂයකට ආසන්න හිඟ විදුලි බිලක්ද ඇති බව වාර්තා වේ .
විජේරාම මාවතේ පිහිටි නිවස මෙතෙක් නිල වශයෙන් භාරදී නැත. මෙහි ඇති රජයට අයත් භාණ්ඩ ලේඛන පරීක්ෂකර ඒවා වෙන් කරගැනීමෙන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අයත් භාණ්ඩ ඉවත් කරගෙන නිවස බාර දීමට නියමිත බව මහින්ද රාජපක්ෂගේ පාර්ශ්වය පවසයි .