හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව ගොණුකර ඇති නඩුවේ නින්දුව ප්‍රකාශ කිරීම මේ මස 30 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කරනු ලැබුවා.
අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 27කට අධික මුදලක් වැය කොට කොළඹ කින්සි පාරේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනාව මත ඔහුට නඩු පවරනු ලැබුවා.
නීතිපතිවරයා විසින් මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කරනු ලැබුවේ ඉකුත් යහපාලන රජය සමයේ දී.
නඩුවේ තීන්දුව අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණු නමුත් එය ලබන 30 වන දා සිදුකරන බව මහාධිකරණ විනිසුරු නවරත්න මහරසිංහ මහතා දන්වා සිටියා.