මහින්දගේ දකුණු අත රිමාන්ඩ්

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චි මේ මස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (2) නියෝග කළේය.

ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ වැලැක්වීමේ කොමිසම වෙත කැඳවනු ලැබූ ඔහු එහිදී අත් අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කරනු ලැබීය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

රුපියල් මිලියන 28කට අධික වටිනාකමකින් යුත් වත්කම් සහ දේපොළ උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීමේ චෝදනා මත මොහු අත්අඩංගුවට පත්විය.

විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙක් වන නෙවිල් වන්නිආරච්චි දිගුකලක් හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධාන ආරක්ෂකයා ලෙස කටයුතු කළේය.