මහනුවර පාරවල් කීපයක් අද වසා දමයි

අද (30) දින මහනුවර නගරය ආවරණය වන පරිදි විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලිසිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

ඒ විදෙස් තානාපතිවරුන් 12 දෙනෙකුට අක්ත පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයක් හේතුවෙන් මෙලෙස අද දිනයේ මහනුවර නගරය ආවරණය වන පරිදි විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එය සිදු කිරීමට නියමිතව ඇත්තේ මහනුවර ජනාධිපති මන්දිරයේදීයි.

අදාළ රථවාහන සැලැස්ම පහත පරිදි වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *