පක්ෂ මාරුවක් නොකර පක්ෂ නායකයාට වරදක් නොකර ජනාධිපතිවරයා එක්ක එකතු වී වැඩ කරගෙන යන්න තමන් සූදානම් බව සමගි ජන බලවේගය බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් පැවසීය
තම ජනතාවට ඇති අඩුපාඩුකම් ජනාධිපතිතුමන් සමග විවෘතව කතා කරන ලද බවත් පවසන ඔහු අස්වැසුම සහනාධාරය සියයට සියයක් වතුකරයේ ජනතාවට නොලැබුනද වෙනත් ව්‍යාපෘති සමඟ වතුකරයේ ජනතාවට වැඩි ප්‍රතිඵල ලැබී ඇතැයිද හෙතෙම කියා සිටී.
අද පක්ෂ පාට බලා කටයුතු කරන්න පුළුවන් තත්ත්වයක් නැති බවත් සියලු දෙනා එක්ව රට බේරා ගත යුතු කාලයක් පැමිණ ඇතැයිද හෙතෙම තව දුරටත් කියා සිටියේය. පස්සර පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.