මම සභාපතිකමෙන් අයින් වෙනවා ‘ ශම්මි සිල්වා කියයි

තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයේ මින් ඉදිරියට රැඳී සිටීමට අපේක්ෂා නොකරන බව ශම්මි සිල්වා පැවසීය. ‍එහෙත් තම අනුප්‍රාප්තිකයා තීරණය කළ යුත්තේ සාමාජිකයන් මිස දේශපාලනඥයන් නොවනා බව ඔහු අවධාරණය කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද (22) පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළ අතර එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියාසිටියේ, වර්තමානයේ උදාකර ඇති තත්ත්වය දේශපාලන බලපැම මත සිදුවූවක් බව ICC ය ප්‍රකාශකළ බවත්, විනාඩි 45 ක් පමණ මෙම ගැටළුව ගැන ICC රැස්වීමේදී සාක්කච්චාකළ බවත් ය.

“ICCය තද තීරණයක් ගත්තේ. ක්‍රිකට් අපිට ගහන්න දෙන්න. නැත්තම් අපි සම්පූර්ණයෙන් වැටෙනවා කියලා මම කිව්වා. මෙහේ ආපු ඉම්රාන් කවාජාත් කතා කළා. මේ තීන්දුව දුන්නේ මේක තනිකරම දේශපාලන බලපෑම් කියලා ඒ අයට තේරුණ නිසා කියලා කිව්වා . කොහොම වුණත් මේක ලංකාවට ලොකු පාඩුවක්. මම ඇරෙන්න මුළු ICC එකම තීරණය කළා අපිව තහනම් කරන්න” ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කන්නේ නාකිවූ ලෙජන්ඩ් එකක් බවත්, පසුගිය ලෝක කුසළාන තරගාවලිය අසාර්ථක වූයේ ඇමති සහ නාකි ලෙජන්ඩ් එක නිසා බවත් පැවසූ සභාපති ශම්මි සිල්වා, කවුරුන් මොනවා කීවත් ICC පිළිගන්නේ තමා සහ තමන් සමග කටයුතු කරනා නිළධාරීන් පිරිස පමනක් බවද පැවසීය .