මම කාගේවත් ශුගර් බේබි කෙනෙක් නොවේ . ශලනි තාරකා කියයි.

පසුගිය වසරේ දී ඕස්ට්‍රේලියාවේ පැවති 20-20 ලෝක කුසලාන තරගාවලිය නැරඹීම සඳහා තමා සහභාගී වූයේ තම පෞද්ගලික මුදලින් බව රංගන ශිල්පිනී ශලනි තාරකා සඳහන් කරයි. එසේ නැතිව ක්‍රිකට් ආයතනය මුදලින් හෝ කිසිවකුගේ ෂුගර් බේබි ලෙස නොවන බවත් ඇය පැවසූවාය .

‘ක්‍රිකට් මැච් එකක් බලන්න ගියා කියලා තමයි මේ දවස්වල මට හැදිලා තියන ලොකුම කතාව. නළු නිළියන්ට ක්‍රිකට් මැච් බලන්න තහනම්ද කියලයි ඒ විදිහෙ කතා හදන අයගෙන් මට අහන්න තියෙන්නෙ. ඇත්තටම ඔස්ට්‍රේලියාවේ පැවැත්වුණ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය බලන්න මම ගියා. හැබැයි ඒ මගේ පෞද්ගලික මුදලින් ටිකට් අරගෙන මිසක ක්‍රිකට් ආයතනයේ මුදල්වලින්වත් කාගෙවත් ෂුගර් බේබි විදිහටවත් නෙමෙයි.

මම වගේම විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය බලන්න තවත් නළු නිළියො කීපදෙනෙක් ඇවිත් හිටියා. ඒ අවස්ථාවේදි ගත්ත ඡායාරූපයක් තමයි මේ බොරු ප්‍රවෘත්තිය නිර්මාණය කරන්න යොදාගෙන තිබුණෙ. ශලනී තාරකා මාධ්‍යට පැවසූවාය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *