මනම්පේරී තව දුරටත් රිමාන්ඩ්

මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා රාසායනික ද්‍රව්‍ය ළඟ තබාගැනිමේ චෝදනාවට අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පියල් මනම්පේරි සහ විදුලි බල මණ්ඩලයේ සේවකයාගේ නඩුව විඩියෝ තාක්ෂණය ඔස්සේ අද (22) දින වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවා තිබුණි.

පසුව ඔවුන් දෙදෙනාව නැවතත් මෙම මස 29වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වලස්මුල්ල මහෙස්ත්‍රාත් මල්ෂා කොඩිතුවක්කු මෙනවිය නියෝග කරන ලදී.