මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් ඇලවීමේ ජාවාරමට සම්බන්ධ මත්පැන් නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර අහෝසි කරන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුවට පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි කාරක සභාව විසින් නිර්දේශ නිකුත් කර ඇත. එම කාරක සභාව ඊයේ (07) පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇත .
ඊට අමතරව ව්‍යාජ ස්ටිකර් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිළි කරනා ලෙසද, ව්‍යාජ ස්ටිකර් අලවා මත්පැන් බෝතල් අලෙවි කරන වෙළෙඳසල්වල බලපත්‍ර අවලංගු කිරීමටද ක්‍රම හා විධි කාරක සභාව නියෝග කර ඇත .
ව්‍යාජ ස්ටිකර් අලවා තිබූ මත්පැන් බෝතල් 44,000 කට වැඩි ප්‍රමාණයක් සොයාගත් බවත්, ඊට සම්බන්ධ එක් සමාගමකින් රුපියල් මිලියන 40කට ආසන්න දඩ මුදලක් අය කළ බවත් සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් කමිටුව හමුවේ පැවසීය .
රුපියල් බිලියන 6 ක හිඟ බදු ගෙවීමේ සැලැස්මට අනුව බදු නොගෙවන කර්මාන්තශාලාවල බලපත්‍ර ඔක්තෝම්බර් 30 වැනිදා වනවිට අවලංගු කරන ලෙසද සුරාබදු දෙපාර්තමේන්තුවට නියෝග කළ බව ක්‍රම සහ විධි කාරක සභාව උපදෙස් දුන් බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා පවසයි.