භාණ්ඩාගාරය පුරවන ලිට්‍රෝ ප්‍රතිව්‍යුහගත කරනවාට සේවක විරෝධය.

ලිට්‍රෝ සමාගමේ ප්‍රතිව්‍යුහගතකරණය කිරීම එම ආයතනයේ සියලු සේවකයන් විරුද්ධ බව ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුව නිවේදනය කරයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් එම සංවිධානය මේ බව සඳහන් කර සිටී .

ඔවුන් එම ලිපියෙන් පෙන්වා දී ඇත්තේ ලිට්‍රෝ සමාගම 2015 වසරේ සිට 2020 වසර දක්වා කාලය තුළ රාජ්‍ය භාණ්ඩාගාරයට ලාභ සහ බදු ලෙස රුපියල් බිලියන 50 ක් හෙවත් කෝටි 5,000 ක් බැරකර ඇති බවයි.

භාණ්ඩාගාරයට විශාල ලෙස මුදල් සපයන මෙවැනි සමාගමක් ප්‍රතිව්‍යුහගතකරණයේ අරමුණ කුමක්දැයි පැහැදිලි නොමැති එම සංවිධානය වැඩි දුරටත් පවසයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *