බෙලිඅත්තේ සනා ගැන කියන්නට විමල් තංගල්ලේ යයි.

පොලිස් අත් අඩංගුවට පත්ව සිටිනා බෙලිඅත්තේ සනා නැමැති පුද්ගලයා පිළිබඳව ප්‍රකාශයක් ලබාදීම සඳහා ලබන ඉරිදා තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය හමුවේ පෙනී සිටිනා ලෙස හිටපු අමාත්‍ය විමල් වීරවංශහට දන්ව ඇත .

ඒ දැන්වීම කර ඇත්තේ එම ප්‍රකාශය ලබගැනීම සඳහා හිටපු අමාත්‍යවරයා අද දිනයේ තංගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය වෙත කැඳවා තිබුනි . එහෙත් ඒ සඳහා අද පැමිණිය නොහැකි බැවින් වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඔහු කළ ඉල්ලීමට අනුව ලබන ඉරිදා පැමිණෙන ලෙස දන්වා ඇත .

තංගල්ලේදී මත්ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධියට අදාල යාත්‍රාව සමග අත්අඩංගුවට ගත් බෙලිඅත්තේ සනා නැමැත්තාගෙන් මේ වන විට රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටියි.