බුදු සසුන රැක ගන්නට බුද්ධ ශාසන සභාව පිහිටවයි

බුදු සසුන විකෘති කරන මත­වාදී හා ක්‍රියා­කා­ර­ම්ව­ලින් පතුරවනා සම­න්විත පුද්ගල හා කණ්ඩායම් මැඩපැවැත්විම සඳහා බුද්ධ ශාසන සභාවක් පිහි­ටු­වී­මට බුද්ධ­ශා­සන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු අමා­ත්‍යාං­ශය පිය­වර ගෙන තිබේ.

ත්‍රෛනි­කා­යික මහා සංඝ­ර­ත්නය පෙරටු කර­ග­නි­මින් ‘බුද්ධ­ශා­සන සභාව පිහි­ටු­වීම’ බුද්ධශාසන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු අමාත්‍ය ආචාර්ය හිනි­දුම සුනිල් සෙනෙවිගේ ප්‍රධා­න­ත්ව­යෙන් බුද්ධ­ශා­සන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු අමා­ත්‍යාං­ශ­යේදී ඊයේ (01) සිදුකෙරිණි.

ජන­තා­වගේ අපේ­ක්ෂා­වන්ට සම­ගා­මීව බෞද්ධ ආග­මික සමා­ජ­යත් රාජ්‍ය පාල­න­යත් සම­පාත වන වැඩ­පි­ළි­වෙ­ළක් ඔස්සේ ක්‍රියා­ත්මක කිරීම මෙහි අර­මු­ණයි.

ශ්‍රී ලංකාවේ බුදු සසු­නෙහි සමස්ත වග­කීම් දරන සියම්, අම­ර­පුර සහ රාමඤ්ඤ යන නිකා­ය­ත්‍ර­යට අයත් පාර්ශ්ව 31ක මහා ලේඛ­කා­ධි­කාරී ස්වාමී­න්ව­හ­න්සේලා සහ බුද්ධ­ශා­සන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු අමා­ත්‍ය­ව­රයා විසින් පත්ක­රන ස්වාමි­න්ව­හ­න්සේලා සිවු නමක් සහ ගිහි නියෝ­ජි­ත­යකු ද මේ කමිටුවට ඇතු­ළත් වේ.

විෂය භාර අමා­ත්‍ය­ව­ර­යාගේ සහ නියෝජ්‍ය අමා­ත්‍ය­ව­ර­යාගේ කැඳ­වු­ම්කා­ර­ක­ත්ව­යෙන් යුක්ත මෙම සභා­වෙහි අනෙක් ගිහි සාමා­ජික පිරිස වන්නේ අමා­ත්‍යාංශ ලේක­ම්ව­රයා, බෞද්ධ කට­යුතු කොම­සා­රිස් ජන­රා­ල්ව­රයා, අමා­ත්‍ය­ව­ර­යාගේ සහ නියෝජ්‍ය අමා­ත්‍ය­ව­ර­යාගේ පෞද්ග­ලික ලේක­ම්වරු දෙපළ, අමා­ත්‍ය­ව­ර­යාගේ සහ නියෝජ්‍ය අමා­ත්‍ය­ව­ර­යාගේ සම්බ­න්ධී­ක­රණ ලේක­ම්වරු දෙපළයි.