නීති විද්යාල ප්රවේෂ විභාගයේ දෙවන වසර සඳහා මේ දිනවල පැවැත්වෙන විභාගයට පෙනී සිටි පාර්ලිමේන්තු මන්ත්රී බුද්ධික පතිරණ විභාගය කොපි කරද්දී එහි පරික්ෂකවරුන්ට හසුවී ඇත.
විභාගය ලියන අතරතුර ඔහු කොපි කරන අයුරු දැක ඇති විභාග පරීක්ෂිකාවක මේ ගැන පරීක්ෂා කොට ඔහු කොපි කර ඇති බව තහවුරු කරගෙන ශාලාධිපතිට පැමිණි කොට තිබේ. උත්තර සහිත කොළ කිහිපයක් ඔහු සන්තකයේ තිබි සොයා ගෙන ඇත.
විභාග දෙපාර්තමේන්තුවෙන් මෙම විභාගය පවත්වන අතර ඒ වෙනුවෙන් දැඩි කොන්දේසි පනවා ඇත. බුද්ධික පතිරණ මන්ත්රීවරයා ඒවා කිසිත් නොතකා කටයුතු කර මෙලෙස චෝදනාවට ලක්ව ඇති නමුත් ඔහුගේ මෙම සිද්ධිය වසන් කිරීමට විපක්ෂ දේශපාලන ඉහළ අධිකාරිය ද මැදිහත්ව තිබෙන බව විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
එවැනි සිද්ධියක් නොවුනු බවට කරුණු දැක්වීමට මේ අය උත්සාහ කරමින් අදාළ විභාග පරික්ෂිකාවට බලපෑම් එල්ල කරමින් තිබෙන බව වාර්තාවේ.