බැකෝ සමන්ගේ සුඛෝපභෝගී බස් රථ දෙකක් අත් අඩංගුවට

බැකෝ සමන්ට අයත් රුපියල් කෝටි 8 කට අධික වටිනාකමකින් යුත් අධි සුඛෝපභෝගී බස් රථ 2ක් සොයාගැනීමට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය සමත්ව ඇත. ඉන් එක් බස් රථයක් කටුනායක පිහිටි විදේශිකයින්ට ප්‍රවාහන පහසුකම් සපයන ආයතනයකට ලබාදී ඇති අතර, එහි වටිනාකම රුපියල් කෝටි 5 ක් බව වාර්තා වේ. අනෙක් බස් රථය මොනරාගල – කොළඹ අතර මගී ප්‍රවාහනය සඳහා යොදවා ඇත .

මෙහි එක් බස් රථයක් බැකෝ සමන් අත්අඩංගුවට ගැනීමට සති දෙයකට පෙර මිලදී ගෙන ඇති බව අනාවරණය වී ඇත.

බස් රථ දෙකම වෙනත් අයගේ නම් යොදාගෙන මිලදීගන ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අදාළ බස් රථ තමාට අයත් බවට බැකෝ සමන් පිළිගෙන ඇත.