අද උදෑසන මොනරාගල-කොළඹ ප්රධාන මාර්ගයේ කුඹුක්කන ප්රදේශයේදී මගීන් 23 දෙනෙකු රැගත් බස් රථයක් ගංවතුරට හසුව තිබේ. බස් රිය ගං වතුරෙන් යටව තිබූ පාලමක් මතින් යානට උට්සහ ගැනීමේදී මෙම අනතුර සිදුව ඇත .
එම අවස්ථාවේ මාර්ගයේ ජාල මට්ටම අඩි 6 ක් පමණ තිබූ බවත්, ජල පහරේ ගසාගෙන ගිය බස් රිය ට්රැක්ටර් යොදාගෙන ගොඩට ගත් බවත් වාර්තා වේ . අනතුර සිදුවෙන්ම විට බස් රියේ මගීන් 23 දෙනෙක් සිට ඇත . සියලු මගීන් ආරක්ෂිතව බේරා ගත් බව පොලිසිය පවසයි.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ මොණරාගල සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයකි .